රටකට අවශ්‍ය දෙයක් ගැන කරූ කියයි

රටක් දියුණු කළ හැක්කේ රටකට අවශ්‍ය ප්‍රතිපත්ති සකස්කිරීමෙන් පමණක් බව කථානායක කරූ ජයසූරීය මහතා පවසයි.

ගම්පහ පැවති උත්සවයකට එක් වෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවලට දේශපාලනය මැදිහත් වීම් සිදුවුවහොත් එම ආයතනයේ  දියුණුවක් දැක ගත නොහැකි බවද කථානායකවරයා පැවසීය.

කොප් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟින් මෙවැනි දැ සිදු වන්නේ ද යන් සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කරන අතර එහි විනිවිඳභාවය ආරක්ෂාකර ගැනිම සඳහා එහි සභාපති ධුරද විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට ලබා දී ඇති බව ද කථානායකවරයා අවධාරණය කළේය.

වර්ථමානයේ ආණ්ඩුවේ ගිණුම් පිලිබඳ තොරතුරු මාස 8ක් වැනි කෙටි කාලයක් තුල ලබා ගන්න හැකි බවත් පසු ගිය සමයේ එවැනක් සිදු  නොවුන බවත් ඒ මහතා පැහැදිලි කරයි.

රටක් දියුණු වන් නම් ආර්ථිකය සරු විය යුතු බවත් නමුත් එය මුදල් වියදම් කිරීමෙන් සිදු කළ නොහැකි බවත් ඔහු කළේය.

නමුත් ආර්ථික සරු කර ගැනීමට සිදු කළ යුත්තේ මුදල් ඉපයිම බවත් එය රටක ප්‍රතිපත්තියක් විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version