Home දේශීය පුවත් අද උඳුවප් පුන් පොහෝ දිනයයි

අද උඳුවප් පුන් පොහෝ දිනයයි

0
අද උඳුවප් පුන් පොහෝ දිනයයි

අද (03) උඳුවප් පුන් පොහෝ දිනයයි.

සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩමවීමත් සිරිලක භික්ෂුණි පැවිද්ද ඇරඹීමත් මෙම උතුම් උදුවප් පුන් පෝදා සිදු විය. එමෙන්ම අසිරිමත් සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ ද උඳුවප් පුන් පොහෝ දිනයේ උදාවත් සමඟය.

ලංකාවේ මෙහෙණිසස්න ආරම්භ වීම සිදුවූයේ ද මෙදිනය. මේ නිසා  ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය. බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත‍්‍රයක් බවට පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version