රාගම ඇතුළු ප්‍රදේශ කීපයකට අද වතුර නෑ

ජා-ඇල ඇතුළු ප්‍රදේශ රැසකට අද(27) පෙරවරු 11.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

රාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ප්‍රධාන ජලනල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවිමට සිදු වන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව රාගම, කඳාන, ජා-ඇල, සීදූව, කටුනායක, ඒකල, කොටුගොඩ, පමුණුගම, උස්වැටකෙයියාව, වැලිසර, මහබාගේ සහ මාබෝ යන ප්‍රදේශවලට ජල සපයුම අත්හිටුවනු ඇත.

Exit mobile version