නාගස්හංදිය දුම්රිය හරස් මාර්ගයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මරුට

කළුතර උතුර, නාගස්හංදිය දුම්රිය හරස් මාර්ගයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ත්‍රිරෝද රථයක්, කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු සාගරිකා දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන්ගත් පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 50 හැවිරිදි කළුතර  උතුර, විලේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Exit mobile version