Home දේශීය පුවත් බස් රථයක් ලොරියක ගැටී සිදුවු අනතුරකින් තිදෙනෙක් මරුට – 5 කට බරපතලයි

බස් රථයක් ලොරියක ගැටී සිදුවු අනතුරකින් තිදෙනෙක් මරුට – 5 කට බරපතලයි

0
බස් රථයක් ලොරියක ගැටී සිදුවු අනතුරකින් තිදෙනෙක් මරුට – 5 කට බරපතලයි

මැදවච්චිය-අනුරාධපුර මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරකින් තිදෙනෙක් මිය ගොස් ඇත.

අදාල මාර්ගයේ යාපනය දෙසට ධාවනය වු සුභෝපබෝගී පුද්ගලික බස් රථයක් දඹුල්ල දෙසට ධාවනය වු ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් බස් රථයේ ගමන් ගත් අට දෙනෙකු බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තිදෙනෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක් වු පිරිමි පුද්ගලයෙක්, තිස් හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක්.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර රෝහලට වෙත මාරු කර යවා ඇත.

ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති අතර මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version