හෙරොයින් ජාවාරම්කරුව‍ෙකුට මහාධිකරණයෙන් දුන් දඬුවම

හෙරොයින් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබේ.

මොහු 2016 වසරේ ජනවාරි මස 16 වන දින මාළිඟාවත්ත ප්‍රදේශයේදී මාළිගාවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

ඒ අනුව අදාල නඩුව අද(30) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කර ඇත.

මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ මරදාන මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.

Exit mobile version