විරෝධතාවයක් නිසා ලිප්ටන් වටරවුම අවට තදබදයක්

විරෝධතාවයක් හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.

සෞඛ්‍ය ගිලන් රථ රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි.

අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කරන පාගමන සඳහා ගිලන් රථ සේවයට අදාළ සංගම් තුනක නියෝජිතයින් සහභාගී වන බව එම සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩි.විජේසිංහ මහතා පැවසීය.

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද(31) දිනයේ විරෝධතා පාගමනක නිරත වන බව රජයේ සෞඛ්‍ය ගිලන් රථ සේවක සංගමය සඳහන් කළේය.

Exit mobile version