ඉන්දියාවේ ඔකී සුළි කුණාටුවෙන් පුද්ගලයින් 13ක් මරුට

ඉදිරි පැය 48 තුළ ඔකී සුළි කුණාටුව මහාරාෂ්ට වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති බවත්, කුණාටුවේ බලපෑම යම්තාක් දුරට අඩුවන නමුත් තවමත් කේරල සහ තමිල්නාඩු ප්‍රාන්තවල පිරිස් මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මුහුදු ප්‍රදේශවල වෙසෙන ජනතාව තවමත් සීරුවෙන් තබා ඇති අතර උතුරු තමිල්නාඩු සහ දකුණු ආන්ද්‍රා වෙරළ තීරයන්හි ධීවරයින්ට ගත වන පැය 48 තුළ අරාබි මුහුදට නොයන ලෙස කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ. මහාරාෂ්ට සහ ගුජරාට් ප්‍රාන්තවල ධීවරයින් වෙත ද මේ වනවිට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරණු ඇත.

ඉන්දීය කාලගුණ මධ්‍යස්ථානය සඳහන් කළේ, උතුරු මහාරාෂ්ට සහ දකුණු ගුජරාට් වෙරළ තීරයන්හි මුහුදු මට්ටම ඉතා රළු වනු ඇති බවයි.

ඔකී සුළි කුණාටුවෙන් මේ වනවිට ඉන්දියාවේ පුද්ගලයින් 13 දෙනෙකුට ජීවිත අහිමී වී ඇති අතර තවත් 115 දෙනෙකු අතුරුදන්ව සිටියි. තවත් පුද්ගලයින් දහස් ගණනක් අවතැන් ව ඇති බව වාර්තා වේ.

Exit mobile version