මහ මඟ සිදුවු අනතුරකින් අයෙක් මරුට

පොළොන්නරුව සුංගාවිල මාර්ගයේ පලුගස්දමන මහා විද්‍යාලය අසල පදික මාරුවේ දී රිය අනතුරක් සිදුව තිබෙන බවට වාර්තා වෙයි.

පොලොන්නරුව දෙසට ධාවනය වු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක් හා මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු අවුරුදු 21 ක් වයසැති යතුරුපැදිකරු පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version