Home දේශීය පුවත් දණගහපු, කඩාවැටුණ ආර්ථිකයක් අපි ශක්තිමත් කළා

දණගහපු, කඩාවැටුණ ආර්ථිකයක් අපි ශක්තිමත් කළා

0
දණගහපු, කඩාවැටුණ ආර්ථිකයක් අපි ශක්තිමත් කළා

දණගහපු, කඩාවැටුණ  ආර්ථිකයක් සවිශක්තිමත් කර එක් තැනකට සීමාවී තිබූ සංවර්ධනය රටේ සෑම කොනකටම ගෙනියන්න එක්සත් ජාතික පක්ෂයට හැකි වූ බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ(01) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඤවීදියේ ස්ථාපිත කළ මෙට්‍රෝ හෝම්ස් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් මේ බව සඳහන් කළේය.

රුපියල් කෝටි 700 ක වියදමකින් ඉදිකල මෙම මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලද්දේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මඟිනි.

නිවාස ඒකක 626 කින් සහ කඩකමර 120 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් උසස් කිරීමේ  මූලික අරමුණින් ඉදිකර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසීය

“අද රටේ සෑම කොනකම සීග්‍ර සංවර්ධනයක් සිදුවෙමින් පවතිනවා. අපි 2015 ජනවාරි 8 බාරගත්ත ආණ්ඩුව තුළ නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කලා.

දණගහපු, කඩාවැටුණ  ආර්ථිකයක් සවිශක්තිමත් කරලා, රටේ එක්තැනකට සීමාවූ සංවර්ධනය රටේ සෑම කොනකටම ගෙනගියා. කොළඹ රටේ කේන්ද්‍රස්ථානය කරගනිමින්,

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය මීටත් වඩා සිදුකල යුතුයි. තවත් නොබෝ දිනකින් පැවැත්වෙන ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කරවලා, කොළඹ ප්‍රමුඛ සමස්ත රටේ සංවර්ධනය ඉතා සීග්‍රයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි සියලු දෙනාම ඒකරාශී වෙලා ඒ සංවර්ධන ගමන ඉදිරියට ගෙනයායුතුයි. අහිංසක ජනතාවට සෙත සදමින්, රටේ සංවර්ධනය අඛණ්ඩව කරගෙන යාම තමයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකම අරමුණ වන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version