වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

ආණමඩුව-වල්පාළුව ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමෙන් අද(02) අළුයම 2.00ට පමණ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහකුඹුක්කඩවල- වල්පාළුව, ලීකොලවැව පදිංචිව සිටි 54 හැවිරදි පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයා තම නිවස පිටුපසදී වන අලි ප්‍රහාරයට ලක්වී තුවාල ලබා සිටින විට ගම්වාසීන් විසින් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පසුව ඔහුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙන බවට වාර්තා වේ.

Exit mobile version