ලොරි-යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට

නවගමුව පොලිස් වසමේ අවිස්සාවේල්ල කඩුවෙල මාර්ගයේ රනාල ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇත.

යතුරුපැදිකරුට යතුරුපැදි පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පැවසීය.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 72ක් වු මුල්ලේගම හෝමාගම ලිපිනයේ පදිංචි අයෙකි.

නවගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version