ගණිකා නිවාසයක් වටලයි

නිට්ටඹුව පොලිස් වසමේ අත්තනගල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදු කළ ගණිකා නිවාසයක් වටලා තිබේ.

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්තනගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් සහ ගණිකා වෘත්තියේ යෙදීමට රැදි සිටිම සම්බන්ධයෙන් සැකකාරියක් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් 43, 49, 34 වයස්වල පසුවන වේයන්ගොඩ, මහදිවුල්වැව, මුදලියාර්කුලම් ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකාරියන් අද(06) අත්තනගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version