කටුවාපිටිය දේවස්ථානය අසල සාමකාමි විරෝධතාවක්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් කටාන, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ආසන්නයේ සාමකාමි විරෝධතාවක් පවත්වා තිබේ.

අද (06) පෙරවරුවේ මෙම විරෝධතාව සඳහා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වු බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර දේවස්ථානයට යන මාර්ගයේ පිහිටි පිළිරුවකට අද අළුයම කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Exit mobile version