ඉතිහාසගත වන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කළා – අමාත්‍ය ගයන්ත කරුණාතිලක

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉතිහාසගතවන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කර ඇති බවත් ඉතා කෙටිකාලයක් තුළ ගාල්ල කරාපිටිය රෝහල දියුණු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  අද (4) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට අඳහස් පළ කරමිනි.

මෙවර අයවැයෙන් රුහුණු වෛද්‍ය පීඨයට තට්ටු දහයක පීඨයක් ලබාදුන්නා. ගාල්ල කරාපිටිය රෝහල ලංකාවේ ප්‍රධාන රෝහලක් බවට පරිවර්ථනය වෙලා. කෙටි කාලය තුළ ගාල්ල කරාපිටිය රෝහල දියුණු කර තිබෙනවා. දන්ත වෛද්‍ය ඒකකයට තට්ටු 7ක ගොඩනැගිල්ලක් ලබාදෙන්න කටයුතු කළා. තවත් තට්ටු 10ක ගොඩනගිල්ලක් රසායනාගාර කටයුතුවලට දෙන්න කටයුතු කර තිබෙනවා. විශාල සේවයක් කර තිබෙනවා. රෝහල්වල බෙහෙත් හිඟය ඇසෙන්නේ කලාතුරකින්. පිළිකා ඖෂධ කිසිදු සීමාවකින් තොරව ලබාදෙන්න කටයුතු කළා. ඉතිහාසගත වන සේවයක් සෞඛ්‍ය සේවයට සිදු කළා. ඇල්පිටිය හා බලපිටිය රෝහල් නිරීක්ෂණය කළා. ඇඹිලිපිටිය හා බලපිටිය ගොඩනැගිලිවල ඉදිකිරීම් ලබන වසරේ සිදු කෙරෙනවා. ගම් උදාව ආරම්භ කරලා රටේ විශාල පිඹිදීමක් යළි ඇති වී තිබෙනවා. බෙන්තර, ඇල්පිටිය පමණක් උදාගම් හතරක වැඩ ආරම්භ කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version