මහව, පොල්කටුවාව ප්රදේශයේදී වන අලි පහරදීමකින් වනජීවි නිලධාරියෙකු මියගොස් තිබෙන බවට වාර්තා වෙයි.
ඊයේ(06) පස්වරුවේ තුවාල ලබා සිටි වන අලියෙකුට ප්රතිකාර කිරිමට ගිය අවස්ථාවේදී වන අලියා විසින් අදාල නිලධාරියාට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු ප්රතිකාර සඳහා මහව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 31 හැවිරිදි පොතාන, මීගලෑව ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.