ජනතාව ගත යුතු තීරණයක් ගැන සජිත් කියයි

අභිමානවත් මාතෘභූමියක් බිහිකිරීමට නම් සමාජ පෙරළියක් කිරීම අවශ්‍ය බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මොණරාගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී සඳහන් කළේය.

මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ඉදිකළ පඟුරේ ගමරාලගම, බකිණිගහවෙල රටේරාළගල ගම සහ පුබ්බාරේ රන්බණ්ඩාගම යන උදාගම්මාන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද ජනතා අයිතියට පත්කෙරුණි.

සියලු දෙනාගේ අපේක්ෂාව අභිමානවත් මාතෘ භූමියක් බවත් පැවසු අමාත්‍යවරයා, මේ ඉලක්ක කරා ගමන් කිරීමට සමාජ පරිවර්තනයක් කළ යුතු බවයි.

මෙතෙක් ගිය ක්‍රමය උඩු යටි කුරු කළ යුතු බවත්, පාලකයින් තමන්ට අවැසි ලෙස රටේ සම්පත් බෙදා ගන්නා බවත් පැවසු අමාත්‍යවරයා, රටේ ජනතාව විසින් රටේ සම්පාදනය කරන්නේ පාලකයින් ජිවත් කරවන්නද නැතිනම් ජනතාව ජිවත් කරවීමට ද යන්න තීරණය කළ යුතු බවද කියා සිටියේය.

Exit mobile version