මුහුදු සර්පයන් හසුවීම නිසා කරුණු 05ක් මුලික කරගනිමින් පරීක්ෂණයක්

මඩකලපුව මුහුදු තීරයේදී ධීවර දැල්වලට මුහුදු සර්පයන් බහුලව හසු වී අැත. එයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා කඩිනම්න් පරීක්ෂණයක් පවත්වන ලෙසට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාරා අායතනය වෙත උපදෙස් ලබා දී තිබේ.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයට පෙරද මුහුදු සර්පයන් ධීවර දැල්වලට හසුව අැති බවත්, ඒ අනුව මෙම තත්වය ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක් ලෙස දක්වමින් මහජනතාව කැළැඹී අැතැයි වාර්තා වන බවත්, එහෙත් ස්වාභාවික ව්‍යසනයන්ගෙන් තොරවද මීට පෙර මුහුදු සර්පයන් හසුව අැති බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෙසේ වුවද පෙර අවස්ථාවන්ට සාපේක්ෂව මෙම වසරේදී බහුලව මුහුදු සර්පයන් හසුවීම මුලික කර ගනිමින් ඊට නිශ්චිත හේතුව හඳුනාගැනීම සඳහා කරුණු 05ක් මුලික කරගනිමින් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර අැත.

Exit mobile version