පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අවසන් කටයුතු අද

අභාවප්ප්‍රාප්ත කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද(08) සිදුකිරීමට නියමිතව තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 05 දා පස්වරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත විය.

මියයන විට 61 වන වියෙහි පසුවු සාලින්ද දිසානායක මහතා 1994 වර්ෂයේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

අමාත්‍යවරයෙක්, කැබිනට් නොවන අමාත්‍යවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසත් සාලින්ද දිසානායක මහතා කටයුතු කර තිබේ.

අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ දේහය පසුගිය 06 පෙරවරුවේ කුරුණෑගල පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට නියමිතයි.

Exit mobile version