අමෙරිකානු සහකාර ලේකම්වරිය නිල සංචාරයක් සදහා මෙරටට

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

පසුගිය 06 වනදා සිට ආරම්භ වූ දින 11ක සිය කලාපීය සංචාරය අතරතුර ඇය ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අමෙරිකානු සහකාර ලේකම්වරිය මේ වන විට පාකිස්ථානයේ සංචාරය ආරම්භ කර ඇති අතර ඉන් පසු ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කිරිමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරය තුළදී රජයේ ඉහල පෙලේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්විමට ද ඇලිස් වෙල්ස් මහත්මිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version