ධීවරයාගේ අභිමානය ආරක්ෂා කළ යුතුයි – ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතුයි

බවත් ජලජීවී වගාව දියුණු කිරීමට විශාල වැඩකොටසක් සිදු කරන බවත් නව තාක්ෂණය අනුව ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතු බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදා අරච්චි මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ගන්දර හා වැලිමණ්කඩ ධීවර වරාය දියුණු කිරීමට මිලියන 200ක් වෙන් කර තිබෙනවා. අලුත් යාත්‍රා මිලදී ගැනීමට මුදල් වෙන් කර තිබෙනවා. මෙවර අයවැය ”නීල හරිත” අයවැයක් වීම ගැන සතුටුයි. අපේ ධීවරයන්ට කුඩා ශීතාගාර ලබාදීමේ වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. හොඳ මිලක් මේ තුලින් ලබාගන්න පුළුවන්.

පසුගිය කුණාටුවේ දී ධීවරයන් මැරුණා. ධීවර ආරක්ෂක කබා යෝජනා කළා. ධීවර යාත්‍රාවලට ආරක්ශිත යාත්‍රා ලබාදීමට යෝජනා කළා. ප්‍රජා මූලික කළමනාකරණය ඉදිරියට ගෙන යා යුතුයි. විශාල මුදලක් ජලජීවී වගාවට වෙන් කළා. ලෝකයේ ජල ජීවී වගාව තුළින් මිරිදිය වගාව වර්ධනය කරන්න මෙවර රජයෙන් 2016 මිලියන 808ක් වෙන් කළා. මිලියන 2435ක් වෙන් කර තිබෙනවා ජලජීවී වගාවට. ජලජීවී වගාව දියුණු කිරීමට විශාල වැඩකොටසක් සිදු කරනවා. නව තාක්ෂණය අනුව ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යා යුතු බවත් ඩිජිටල් තාක්ෂණ මාළු වෙළඳාම කළ යුතුයි. සාගර සම්පතින් සෑම ක්ෂේත්‍රයකම ආර්ථික වර්ධනයක්  ඇති කළ හැකියි. ධීවර රක්ෂණය අමාත්‍යාංශය බාරගෙන කටයුතු කළ යුතුයි. අහිංසක ධීවර ජනතාවගේ මුදල්  ලබාදීමට කටයුතු කළ යුතුයි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version