කාලගුණයෙන් රතු නිවේදනයක්

උතුරු, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවලත් (විශේෂයෙන්ම සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී) සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා ක්ෂණිකව ඉහළ යෑමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අද නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙ.ව. 9.30 තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 55-65 දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Exit mobile version