පසුගිය වසර කිහිපය තුළ රටේ විශාල සංවර්ධනයක් සිදුකිරීමට හැකි වුණා

පසුගිය වසර කිහිපය තුළ රටේ විශාල සංවර්ධනයක් සිදුකිරීමට අපේ ආණ්ඩුවට හැකි වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(09) දින අරලියගහ මන්දිරයේදී කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ගතවූ වසර කිහිපය තුල ආණ්ඩුව විවිධ අපහසුතා මධ්‍යයේ ගොඩනැගූ සංවර්ධනයත් රටත්, විනාශ කරන කම්මුතුකරුවෙකුට රට බාර නොදී රටත්, ඔබේ අනාගතයත් ආරක්ෂා කරගන්නා ලෙස තමන් සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය වසර කිහිපය තුල රටේ විශාල සංවර්ධනයක් සිදුකිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. නව යුගයක් කරා රට ගෙන යාම අපේ අරමුණයි. අද රටට හොඳ පිළිගැනීමක් තිබෙනවා.

අප සිදුකළ මෙම වැඩකටයුතුවලින් රටට අනාගතයක් තිබෙනවා නම් ඔබට අනාගතයක් තිබෙනවා නම් රටේ අනාගතය ආරක්ෂා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” යැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version