මධ්‍යම කඳුකරයට තද වැසි -ඡායාරූප

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (11) රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතී.

අධික වර්ෂාවත් සමගම හමා යන දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හැටන් ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලයද වරින් වර ඇණ හිටි බවයි අප වාර්තානරු පැවසුවේ.

පවතින වර්ෂාවත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

පවතින වර්ෂාවත් සමගම හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකම අධික සිතල කාලගුණ තත්ත්වයක් පවති.

Exit mobile version