පිය, පුතු දෙදෙනා ගමන් ගත් ත්‍රීරෝද රථය ප්‍රපාතයට පෙරළෙයි

මස්කෙලිය සාමිමලේ සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පියා සහ පුතා සුළු තුවාල ලබා ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

අද(15) උදැසන 8.00 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ සාමිමලේ හැටන් ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් දියසිරිගම ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු ලොරි රථයකට ඉඩ ලබා දීමට යාමේදි ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලීසිය කියා සිටියේය.

අනතුරෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

Exit mobile version