ගොඩනැඟිල්ලකින් වැටී විදේශීය ඉංජිනේරුවා මරුට

රිදීමාලියද්ද පොලිස් වසමේ ලොග්ගල්ලා ඔය ප්‍රදේශයේ පිහිටි දැව ඉන්ධන බලාගාරයක ටර්බයිනයක් සවිකරමින් සිටි ඉංජිනේරුවෙකු එම ගොඩනැඟිල්ලෙන් ඇඳ වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙන්කට් රාමයියා රෙඩ්ඩප්පා (55) නැමැති ඉන්දියාවේ බැන්ගලෝරයේ පදිංචි ඉංජිනේරුවෙකි.

දැව ඉන්ධන බලාගාරයේ අඩි 20 ක් පමණ උස ස්ථානයක ටර්බයිනයක් සවිකරමින් සිටි මෙම පුද්ගලයා එහි තහඩුවක් ගැලවී බිම ඇද වැටී ඇත.

පසුව මහියංගණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා වෙයි.

රිදීමාලියද්ද පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

Exit mobile version