තේ දළු නෙලමින් සිටි කතුන් හතකට බඹර ප්‍රහාරයක්

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කන්තාවන් හත් දෙනෙක් අද (15) බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකටයි බඹර ප්‍රහාරය එල්ල වි ඇත්තේ.

තේ දළු නෙලමින් සිටි කොටසේ තේ පදුරත් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවෙකුගේ පය ගැටි බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ බඹරුන් තේ පදුරු වල විශාල වශයෙන් කුඩු බැද ඇති බව ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පැවසීය.

Exit mobile version