කොළඹ ආරක්ෂක සමුළුව 29, 30 දෙදින තුළ

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

“සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ඨත්වය” යන තේමාවෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙවර සමුළුව පැවැත්වෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කළේය.

9 වන වරටත් පැවැත්වෙන සමුළුව සඳහා දේශීය සහ ජාත්‍යන්තර ආරක්ෂක විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිතයි.

Exit mobile version