Home දේශීය පුවත් හබරණ-දඹුල්ල මාර්ගයේ රිය අනතුරකින් 3ක් මරුට

හබරණ-දඹුල්ල මාර්ගයේ රිය අනතුරකින් 3ක් මරුට

0
හබරණ-දඹුල්ල මාර්ගයේ රිය අනතුරකින් 3ක් මරුට

හබරණ-දඹුලු මාර්ගයේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.

ඊයේ(15) රාත්‍රී 10.00ට පමණ ටිපර් රථයක් සහ වෑන් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනා බවත් එයින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් බව පොලිසිය පවසයි.‍

මේ අතර තවත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කළේය.

වෑන් රථයේ රියදුරුගේ මෙන්ම ටිපර් රථ රියදුරුගේ ද අපරික්ෂාකාරි ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

හබරණ පොලීසිය විසින් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version