දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

ගෑස් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අද (06) අලුයම අනතුරට ලක්වීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ කොක්මාදූව අතර ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.‍ මේ වන විට ගමනාගමන කටයුතු යළි යථා තත්වයට පත් කර ඇත.

අනතුර හේතුවෙන් කොට්ටාව දෙස පැමිණෙන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබූ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් මැදිරිය සදහන් කළේය.

Exit mobile version