කොළඹ-හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා කෙරේ

අද (17), හෙට (18) යන දෙදින කොළඹ – හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමන සීමා කෙරෙන බව පොලිසිය පවසයි.

නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයේ ඇසළ පෙරහැර හේතුවෙන් මෙසේ ගමනා ගමනය සීමා කෙරේ.

අද රාත්‍රී 10.00 සිට අළුයම 01.00 දක්වාත් හෙට පෙරවරු 10.00 සිට සවස 01.00 දක්වා කාලය තුළ ගමනා ගමන සීමා කෙරෙන බව පොලීසිය පැවසුවේය.

අදාල කාලසීමාව තුළ එම මාර්ග භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය ඉල්ලීමක් කරයි.

Exit mobile version