හෙරොයින් සමඟ දෙදෙනෙක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (21) අළුයම තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 210 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය විසින් තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ වෙරළ තීරයේදී සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් ලඟ තබා ගත් මෙම පුද්ගලයන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් පුද්ගලයන් දෙදෙනා මිගමුව සහ තලෙයිමන්නාරම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 31 සහ 42 ක් වන දමිළ සහ සිංහල පුද්ගලයන් බව හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයන් දෙදෙනා, ඩිංගි යාත්‍රාව සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට නියමිතය.

Exit mobile version