අරුවක්කාලුවට කසල ගෙනගිය ටිපර් හතරකට අදත් ප්‍රහාරයක්

අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් හතරකට අද (21) අලුයම පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ 4 කනුව ආසන්නයේදී කිසියම් පිරිසක් පහර දී ඇති බවට වාර්තා වෙයි.

මහමඟ රැදි සිටි පිරිසක් තම ටිපර් රථ වලට පහර දීම සිදුවු බවත් ටිපර් රථ වලට පහර දුන් පිරිස් විසින් තමන්ටද පහර දීමට එයින් එලියට ඇද ගැනිමට උත්සහ කළ බව එහි රියදුරන් පොලිසියට පවසා තිබේ.

මෙයට පෙර 19 දින අලුයමද එම මාර්ගයේම මනතිව් ප්‍රදේශයේදී ටිපර් රථ වලට ප්‍රහාරයක් එල්ල වි තිබු අතර ඒ සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු යුද හමුදාව හා පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version