කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවෙයි

පෑලියගොඩ – කැලණි ගං ඉවුර අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අදාල මළ සිරුර සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ඔහු වයස අවුරුදු 50 පමණ පුද්ගලයෙකු බවට පොලිසිය සැක කරයි.

මෘත ශරිරය කොළඹ පොලිස් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

Exit mobile version