සම්බුද්ධ සාසනයට වැඩිම මුදල් වෙන් කිරීමක් කළේ වත්මන් ආණ්ඩුව – සජිත්

රාජ්‍ය බලය ලැබීමට පෙර රුපියල් 50,000ක් බැගින් විහාරස්ථාන සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙදි එයට විවිධ ලෙස දෝෂාරෝපණය කළ බවත්, වර්තමානයේ රාජ්‍ය බලයද සමඟ එම කටයුතු කිරීමෙදී අනිසි ලෙස මුදල් වියදම් කරන බවට දෝෂාරෝපනය කරන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ සම්බුද්ධ සාසනය වෙනුවෙන් මුදල් වියදම් කිරීම කිසිදු විටකදී නාස්තියක් නොවන බවයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, මාතර ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (21) පැවති උත්සවයක් අමතමින්.

ඔහු පැවසුවේ පුද්ගලික ධානපතියන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරන බවයි.

මෑත යුගයේ සම්බුද්ධ සාසනයට වැඩිම මුදල් වෙන් කිරීමක් සිදු කළේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසුව බවද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version