Home දේශීය පුවත් එජාපයේ සියලු ගැටළු මේ සති අන්තයේ විසදෙනවා

එජාපයේ සියලු ගැටළු මේ සති අන්තයේ විසදෙනවා

0
එජාපයේ සියලු ගැටළු මේ සති අන්තයේ විසදෙනවා

එක්සත් ජාතික පක්ෂය තුළ ඇති සියලුම ගැටළු මේ සති අන්තය තුළ විසඳෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරී මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යය පී හැරිසන් මහතා පවසයි.

අද අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත් බවත් එම පක්ෂය තුළ කිසිඳු අර්බුදයක් නැති බවත්ය.

මේ අතර දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පක්ෂ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තයේ ඇති ගැටළුව කථා කර විසඳා ගැනීමට හැකි බව අමාත්‍යය පී හැරිසන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version