මෝටර් රථ-යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක්ට බරපතළ තුවාල

ආණමඩුව, මැරුන්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

ආණමඩුව – නවගත්තේගම මාර්ගයේ මැරුන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (23) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබේ.

වෙන්නප්පුව සිට අනුරාධපුරය බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් ඊට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය පවසයි.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ආණමඩුව දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Exit mobile version