බීඩි කොළ තොගයක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදාව විසින් ඊයේ (23) දින මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරීම් වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයන් වලට අයත් නාඩුකුඩා, සව්ත්බාර්, ඕලුතුඩායි හා ඕල්ඩ් පියර් වෙරළ තීරයන් ආශ්‍රීතව සිදු කරන ලද සෝදිසි කිරීම් වලදි වෙරළට ගොඩගසා තිබූ මෙම බිඩී ‍කොළ කිලෝග්‍රෑම් 574.5 ක් සොයා ගැනීමට සමත්ව තිබේ.

ඒවා පාර්සල් 10 ක අසුරා තිබියදි මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දෙන ලදි.

Exit mobile version