බිඩී කොළ කිලෝ 2264ක් නාවික හමුදාව භාරයට

මන්නාරම සහ තලෙයිමන්නාරම යන ප්‍රදේශවල නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 2200කට අධික තොගයක් සොයාගෙන තිබේ.

නාඩුකුඩා වංකාලේ සහ ඕල්ඩ් පියර් වෙරළ තීරවලට ගොඩගසා තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 2264ක තොගයක් මෙලෙස සොයාගැණුනු බව නාවික හමුදාව සදහන් කළේය.

පාර්සල 27ක අසුරා තිබියදී සොයාගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සදහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබේ.

ඊයේ (24) දිනයේ තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේ දී ආපදාවට ලක්වු යාත්‍රාවක තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 120ක තොගයක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබුණි.

Exit mobile version