පානදුර දී සිදුවු රිය අනතුරකින් තරුණයින් 2ක් ජීවිතක්ෂයට

පානදුර දකුණ පොලිස් වසමේ පානදුර ඉදිඟහ තොටුපල මාර්ගයේ ගල්තඩේ ප්‍රදේශයේ දී ඊයේ(25) රාත්‍රීයේ ඉදිඟහ තොටුපල දෙසට ධාවනය වු යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබු ලොරි අථයක ගැටී සිදුවු අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක් හා 17 ක් වු තරුණයන් දෙදෙනෙකි.

මෘත ශරීර මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version