කේරල ගංජා සමඟ සැකකරුවෙක් නාවික හමුදා බාරයට

ඊයේ (25) දින කල්පිටිය, පල්ලීවසල්තුරායි ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 150 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

වයඹ නාවික විධානය විසින් සිදු කළ පා මුර සංචාරයකදි සැක කටයුතු පුද්ගලයෙක් පරික්‍ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ග්‍රෑම් 150 හමුවී තිබේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 52 වන කල්පිටිය, පල්ලීවසල්තුරායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

සැකකරු සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Exit mobile version