වැල්ලවාය ඇතිලිවැවේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලිවැව වැවේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.

ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව මෙම අත්බෝම්බය සොයාගෙන ඇති අතර කුඩාඔය පොලීසිය විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන අද (26) මෙම අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

කිසියම් පුද්ගලයකු මෙම අත්බෝම්බය වැවට ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැකපල කරන අතර මාළු ඇල්ලීම සඳහා වැවට ගිය පුද්ගලයකුගේ දැලට හසු වී මෙම අත්බෝම්බය හමු වී තිබේ.

මේ වන විට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර කුඩාඔය පොලීසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Exit mobile version