අපේ පැත්තෙන් රජතුමා පත් කරනකොට අන්දරේ චරිතෙට සජිත්

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළහොත් පොදු ජන පෙරමුණට ඇති පීඩනය නැතිවන බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ පරිදි තමන්ද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වේනම් ඒ සඳහා කැමති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“මීට සති තුනකට කලිනුත් මම කිවුවා අපි වඩාත්ම කැමති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියල.

අපි කැමතියි ජනාධිපතිවරණයේදී ඇති වන පීඩනය නැතිකරගන්න. හිනාවෙලා සතුටින් ඉන්න.

සජිත් ප්‍රේමදාස තරම් ජනතාව සිනා සයුරේ කිමිඳන්න පුළුවන් තවත් අපේක්ෂකයෙක් හිතාගන්න බෑ.

අපේ පැත්තෙන් රජතුමා පත් කරනකොට අන්දරේ චරිතෙටත් කවුරුහරි ඉදිරිපත් වෙන්න එපැයි.

එතුමා ඒකට ගැළපෙනවා.”

Exit mobile version