කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට මේ වනවිට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවා ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

අදාළ පවිත්‍රාගාරයේ විදුලිය සපයන ට්‍රාන්ස්පෝමරයක සිදුවු හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයීම අඩාල වී ඇත.

ඒ අනුව පයාගල, පිළිමිනාවත්ත, බෝඹූවල, මග්ගොන, මීරිවෙල, කළුවාමෝදර, මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජල සැපයීම අත්හිටුවා තිබේ.

අද (26) මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.

Exit mobile version