7වන වටයේ සාකච්ඡාව සාර්ථක වූ බව බැසිල් කියයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අද(27) පෙරවරුවේ පැවති හත්වන වටයේ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අදාළ සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදිය.

සන්ධානයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ 7 වැනි සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වුණි.

පැය 2කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත් වුණේ විපක්ෂ නායක කාර්යාලයේදියි.

මෙම සාකච්ඡාව සදහා දෙපාර්ශවය සහභාගී වන නියෝජිත පිරිසේ වෙනස්කම් සිදුව තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරුන් සහභාගී වී සිටියේය.

Exit mobile version