එජාපෙ කණ්ඩායමක් එළියට වැටෙනවා

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය පිළිබද අර්බුදය හේතුවෙන් අද වන විට එක්සත් ජාතික පක්ෂය පිල්වලට බෙදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදි ඊයේ (27) මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ දරුණුතම අර්බුදයට මේ වන විට මුහුණ පා ඇතැයි ද පැවසු මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට දන්න සෙල්ලම් සියල්ල දමමින් සිටින බවද කියා සිටියේය.

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එය ලබා දෙන ස්ථාවරයක නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, පිල්වලට බෙදී ඇති බවත් එයින් කවුරු අපේක්ෂකත්වය වෙනුවෙන් පැමිණියත් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් එළියට වැටෙන බවයි.

එනිසා එජාපයට එන්න වෙන්නේ පළුවක් අහිමි කර ගත් පක්ෂය ලෙස මිසක් සියලු දෙනා සමඟි වු පක්ෂයක් ලෙස නොවන බවද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version