එජාපය ජනතා හඩට සවන් දෙයිද ?

ජනතා හඩට සවන් දී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරන්නේ නම් වඩාත් යහපත් බව පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

කොළඹ ඊයේ(27) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගැනීමට පොදු ජන පෙරමුණට මුලික හේතුව වී ඇත්තේ එතුමාට බිම් මට්ටමින් තිබු ඉල්ලුම හා උවමනාව බව හිටපු මහලේකම්වරයා පැවසීය.

එනිසා මහජනතාවගේ උවමනාව මත පොහොට්ටුව හැසිරුණු බවත් කියා සිටි අත්තනායක මහතා, එනිසා එක්සත් ජාතික පක්ෂයත් ඒ පිළිබඳ සිතිය යුතු බව තමා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම්වරයා වශයෙන් තමා පවසන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version