දුම්රිය අනතුර සම්බන්ධයෙන් 4කගේ වැඩ තහනම් කරයි

අද (28) උදෑසන කොළඹ කොටුවේ සිට හලාවත බලා ධාවනය වූ දුම්රිය සහ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රිය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවිය.

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් කළුතර බලා ධාවනය වූ දුම්රියේ රියදුරු, රිය සහයක සහ දුම්රිය නියාමකවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.

දුම්රිය අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියේ රියදුරු සංඥා අනතුරු නොතකා කටයුතු කිරීම අනතුරට හේතු වී ඇති බවට සැක පල කරයි.

Exit mobile version