Home දේශීය පුවත් චිනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ අයෙක් රේගුවේදි අත්අඩංගුවට

චිනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ අයෙක් රේගුවේදි අත්අඩංගුවට

0
චිනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ අයෙක් රේගුවේදි අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගියෙකු අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘතියක සේවය කරන 30 හැවිරිදි චීන ජාතිකයෙකි.

ඔහු අද දින අලුයම 5.30 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔහු විසින් ගෙනැවිත් තිබූ ගමන් මලු කීපයක කාඩ්බෝඩ් අසුරා ඒවා අතර මෙම රුපියල් 19 ලක්ෂයක් වටිනා දුම්වැටි 38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 190 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version