Home දේශීය පුවත් අරුවක්කාලුවට කසළ ගෙන ගිය ටිපර් රථයකට ගල් ප්‍රහාරයක්

අරුවක්කාලුවට කසළ ගෙන ගිය ටිපර් රථයකට ගල් ප්‍රහාරයක්

0
අරුවක්කාලුවට කසළ ගෙන ගිය ටිපර් රථයකට ගල් ප්‍රහාරයක්

කොළඹ සිට අරුවක්කාලු දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය සඳහන් කරයි.

අද (30) අළුයම 1.00ට පමණ වනාතවිල්ලුව ප්‍රදේශයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.

එල්ලවූ ගල් ප්‍රහාරයෙන් ලොරියේ ඉදිරිපස කොටසට හානි සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අරුවක්කාළු කසල අංගනය දක්වා කසල ප්‍රවාහනය කරන ලොරි වලට මීට පෙර පුත්තලම ප්‍රදේශයේදී අවස්ථා කිහිපයකදීම ගල් ප්‍රහාරයන් එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version